News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

තවත් ආසාදිතයින් 335ක් – මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවයි

452 Views


තවත් ආසාදිතයින් 335ක් – මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගියා.

ඒ, තවත් නව ආසාදිතයින් 335 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එලෙස හඳුනාගත් නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 694ක් වන අතර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන රෝගීන් ගණන දැක්වෙන්නේ 26,516ක් ලෙසයි.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 30,072ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post