News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

මහර ගැටුමෙන් මිය ගිය 11 දෙනාගේ අවසන් කටයුතු තවත් කල් යයි

517 Views


මහර ගැටුමෙන් මිය ගිය 11 දෙනාගේ අවසන් කටයුතු තවත් කල් යයි

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු විද්වත් කමිටුවේ වාර්තාව නිකුත් වන තෙක් සිදු නොකරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, එලෙස මියගිය රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් එමගින් සමාජයට වන අහිතකර බලපෑම වළක්වා ගැනීමට එම සිරුරු ආදාහනය කළ යුතු බවට නීතිපතිවරයා කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව වත්තල මහේස්ත්‍රාත්වරයා අදාළ සිද්ධිය ගැන සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටුවට නියෝග කළේ, මියගිය 11 දෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිශාරා ජයරත්න මෙනෙවිය ඊයේ සහ අද ඉල්ලා සිටියේ මියගිය රැඳවියන්ගේ මරණ පරීක්ෂණ රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් මගින් සිදු කිරීමට අවසර දෙන ලෙසයි.

මේ වනවිට මළ සිරුරු 4ක් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණ ද යළි මුල සිට විශේෂඥ මණ්ඩලය මගින් අදාළ පරීක්ෂණ පැවැත්වීමට අවසර දෙන ලෙසයි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය ඉල්ලා සිටියේ.

ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ එම පරීක්ෂණ වාර්තා රහස්‍ වාර්තා ලෙස ලෙස ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි.

එමෙන්ම මියගිය රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් එම සිරුරු රාගම රෝහලේ සිට අයි.ඩී.එච් රෝහල වෙත මාරු කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් නිශාරා ජයරත්න මෙනෙවිය මෙහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මේ අතර අදාළ සිද්ධියෙන් බන්ධනාගාර ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුව ඇති හෙයින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඒ පිළිබඳ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වාර්තාව ලබා ගැනීමට හෙට ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන ලෙස ද රජයේ අධි නීතීඥවරිය ඉල්ලා සිටියා.

සියලු කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරා එම ඉල්ලීම්වලට අවසර දී තිබෙනවා.

අදාළ නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post