News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
9

උත්සව සමයේ නිරෝධායන නීති නිසි ලෙස පිළිපදින්නැයි උපදෙස්

374 Views


උත්සව සමයේ නිරෝධායන නීති නිසි ලෙස පිළිපදින්නැයි උපදෙස්

උත්සවය සමය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව මෙම උත්සව සමයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මහජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපියක් එම අමාත්‍යාංශය පෙන්වා දී තිබෙනවා.

එම කරුණු පහතින් :

01. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු සවාරි සීමා කරන්න.

02. අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යන විට ඔබේ පවුලෙන් එක් අයෙකු පමණක් යන්න. (වෙනදා මෙන් පවුලේ සියලු සමාජිකයින් කැටුව නොයන්න.)

03. හැකි සෑමවිටම ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ නිවස අසළම ඇති වෙළඳසැළෙන්, පිරිස් අඩුවෙන් ගැවසෙන වේලාවක ගොස් මිල දී ගන්න.

04. පිරිස ඒකාරාශී වන ප්‍රිය සම්භාෂණ, වෙනදා මෙන් මේ උත්සව සමයේ සංවිධානය කිරීමෙන් වළකින්න.

05. නත්තලේ සතුට සැමරීම සඳහා එකිනෙකා මුණගැසී, සුබ පැතීමේ දී සිප වැළඳගැනීම්වලින් වළකින්න. නිසි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සුබ පතන්න.

06. බෝනොවන රෝග / නිදන්ගත දිගුකල් පවතින රෝග ඇති හා වයස්ගත පුද්ගලයින්ට මෙම වෛරසයේ සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇත. ඒ නිසා වැඩිහිටියන් වෛරසයට නිරාවරණය වීම අවම කරන්න. අමුත්තන් නිවසට කැඳවීම අවම කරන්න.

07. භාණ්ඩ මිල දී ගැනීමට පෝලිම්වල සිටින විට නිසි පරතරය පවත්වා ගන්න. නිසි පරතරයෙන් නොසිටින කොනෙකු වේ නම් ඔහුට හෝ ඇයට ඔබ සමග නිසි පරතරයෙන් සිටින ලෙස දන්වන්න. 

08. ඔන්ලයින්  පහසුකම් ඇති අවස්ථාවලදී භාණ්ඩ මිල දී ගැනීම සඳහා එම සේවාව භාවිත කරන්න.

09. විනෝද චාරිකා හා නෑ ගමන් යෑමෙන් වළකින්න. / සීමා කරන්න.

10. නිවසින් පිටතට යන විට මුඛ ආවරණ පැළඳීම, පුද්ගලයින් අතර නිසි පරතරය පවත්වා ගැනීම, දෑත් සේදීම වැනි සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.


News Articles
Latest Videos
Most Popular Post