ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1950 දෙසැම්බර් 9 වැනිදා සිලෝන් රෝයල් නේවී නමින් පිහිට වූ ශ්‍රී ලංකා නාවික හමුදාව 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් හැඳින්වුවා.
සංවත්සරයට සමගාමීව අද සිට ලබන 13 වැනිදා දක්වා ගාලුමුවදොර පිටිය ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.