News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

කොරෝනා වැළඳී මියගිය දින 20ක බිළිඳාගේ දේහය මව්පියන් ප්‍රතික්ෂේප කරයි

809 Views


කොරෝනා වැළඳී මියගිය දින 20ක බිළිඳාගේ දේහය මව්පියන් ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගිය දින 20ක් වයසැති බිළිඳාගේ මෘත දේහය භාර ගැනීමට එම බිළිඳාගේ මව්පියන් පැමිණ නැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා.

ඔහු පැවසුවේ, දරුවාගේ දේහය භාර ගැනීමට මව හෝ පියා නොපැමිණීම හේතුවෙන් එය මෘත ශරීරාගාරය වෙත යොමු කළ බවයි.

පසුව පොලිසිය මාර්ගයෙන් මව්පියන්ට ඒ බව දැනුම් දුන් බවත් එහෙත් ඔවුන් නොපැමිණීම හේතුවෙන් රජයේ වියදමින් දරුවාගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කළ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියා.

ඇන්ටිජන් පරික්ෂාවෙන් සහ පී.සී.ආර්. පරීක්ෂාවෙන් එම බිළිඳාට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව පෙන්වා දුන් වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ, ඉන් දින කිහිපයකට පෙර බිළිඳාව රෝහල්ගත කළේ නම් ඔහුව බේරා ගැනීමට ඉඩ තිබූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post