කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා දේශීය ඔසු කිහිපයක් යොදා ගනිමින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන බව පැවසෙන ඖෂධය අද පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා.
ඒ, එය නිෂ්පාදනය කළ ධම්මික බණ්ඩාර මහතා විසින්.
අනතුරුව එය කථානායකවරයාට සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද පානය කිරීම සඳහා දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා අදාළ ඔසුව කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ආසන්නයේදී විශාල පිරිසකට නොමිලයේ බෙදා දුන් අතර එය ලබා ගැනීම සඳහා 5000කට අධික පිරිසක් එම ස්ථානය වෙත පැමිණියා.
මේ අතර එම ඖෂධයට අදාළව පැවැත්වෙන පරීක්ෂණයේ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ නිකුත් වීමට නියමිත බවයි ඊයේ ප්‍රකාශ කෙරුණේ.