News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

මහර සිද්ධියෙන් මියගිය සියලු රැඳවියන් හඳුනා ගැනේ

361 Views


මහර සිද්ධියෙන් මියගිය සියලු රැඳවියන් හඳුනා ගැනේ

මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය රැඳවියන් සියලු දෙනාගේ මෘත ශරීර මේ වනවිට හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

අදාළ සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මින් පෙර අවස්ථා කිහිපයකදී ඥාතීන් විසින් මියගිය රැඳවියන් 8 දෙනෙකුගේ මෘත ශරීර හඳුනා ගත්තා.

අද දිනය වනවිට සිද්ධියෙන් මියගිය සියලු රැඳවියන්ගේ මෘත ශරීර ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post