News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

කොරෝනා වැළඳී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදාන කිරීමට ඇති හැකියාව ගැන සෙවීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක් (ඡායාරූප)

1126 Views


කොරෝනා වැළඳී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදාන කිරීමට ඇති හැකියාව ගැන සෙවීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක් (ඡායාරූප)

කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පැවැත්වුණා.

වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ දේහ භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු, වියළි භූමියක් තෝරා ගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නා.

වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ එය දින 36ක පමණ කාලයක් පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් මෙහිදී පවසා සිටියේ.

සෞඛ්‍යයට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජන වර්ග සහයෝගය දැක්විය යුතු බවයි.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවට අලි සබ්රි, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මෙන්ම කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post