මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලොව පුරා රවටල් ඉතා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත එම එන්නත් අතර ඉදිරියෙන් ම සිටිනවා.
මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක් මෙම එන්නත සදහා අනුමැතිය ලබා දී තිබෙන අතර අද දිනයේ කැනඩාව ද ආදාල එන්නත සිය රට තුල භාවිතා කිරීම සදහා අනුමැතිය එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දුන්නා.