අද දිනයේ පෙරවරු 7.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරනවා. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල මාර්ගයේ අලුත්වැඩියා කිරීමේදී සිදු වූ හදිසි බිඳ වැටීමක් ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇත.