කොළඹ – මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඩීන්ස්පාර, ඩාලි පාර ඇතුළු සියලු අතුරු මාර්ගත් ඊට අමතරව වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර යුනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවත සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.
මහ කොළඹ ජල හා අපජලය කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කළා.