News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
11

කොරෝනා ආසාදිතව සිටි තවත් 570ක් සුවය ලබයි

423 Views


කොරෝනා ආසාදිතව සිටි තවත් 570ක් සුවය ලබයි

කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 570 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 22,831ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෛනික කොරෝනා තත්ත්ව වාර්තාවට අනුව ආසාදිතයින් 7,636 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය වැළඳුණු බවට සැක පුද්ගලයින් 604 දෙනෙකු වෛද්‍ය අධීකරණය යටතේ පසු වනවා.

එමෙන්ම අදාළ වාර්තාවට අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ, 12,643ක් ලෙසයි.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් අවමය වාර්තා වන අතර ඉන් මේ දක්වා හඳුනාගෙන ඇත්තේ එක් ආසාදිතයෙක් පමණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ කොරෝනා වෛරසය පිළිබඳ තත්ත්ව වාර්තාව පහතින් :

No photo description available.
No photo description available.


News Articles
Latest Videos
Most Popular Post