News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 226ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවට අනාවරණයක්

478 Views


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 226ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගත් බවට අනාවරණයක්

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ, කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතායි.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැත්වූ පරීක්ෂණවලදී නැගෙනහිර පළාතට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ද ඉස්ලාම් අන්තවාදින් බලවත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.

එම ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ බවට තොරතුරු ලද සැකකරුවන් 226 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද කුරුණෑගල දිසා භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සාක්ෂි දෙමින් පැවසුවා.

එමෙන්ම වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වු කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ෂහබ්දීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග දේශපාලනික සම්බන්ධතාවක් පැවති බවත් තව්හිද් ජමාත් සංවිධානයකින් මුදල් ගලා ආ බවට ද තොරතුරු ලැබි තිබු බවත් කිස්තිරි ජයලත් මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණ කළා.

එමෙන්ම අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම තමන්ව ස්ථාන මාරු කිරීමට මූලික වශයෙන් හේතු වූ බව ද එහිදී කිත්සිරි ජයලත් මහතා පවසා සිටියා.

ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු සැකකරුවන් හය දෙනෙකු පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ තොරතුරුවලට අනුව යමින් ඔවුන්ගෙන් දෙදෙනෙකු කඩිනමින් අත්තඩංගුවට ගැනිමට හැකි වූ බවත් ඔවුන් අතර සුවිශේෂී සැකකරුවෙකු සිටි බවත් කිත්සිරි ජයලත් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

එහිදී කොමිසම කිස්තිරි ජයලත් මහතාගෙන් විමසා සිටියේ එම සුවිශේෂී සැකකරු කව්රුන් ද යන්නයි.

ඊට පිළිතුරු දුන් කිත්සිරි ජයලත් මහතා පැවසුවේ, කුරුණෑගල මහරෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයා, සාෆි ෂහබ්දීන් එම සැකකරු බවයි.

අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් පසු විවිධාකාරයෙන් තමන්ට බලපැම් එල්ල වූ බවත් ඉන් පසු තමන්ට පුත්තලමට ස්ථාන මාරුව ලැබුණු බවත් එහිදී ඔහු වැඩි දුරටත් කරුණු අනාවරණ කළා.


News Articles
Latest Videos
Most Popular Post