News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය නව වැඩපිළිවෙලක්

553 Views


සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය නව වැඩපිළිවෙලක්

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට අන්තර් අමාත්‍යංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගෙන තිබේ
.
ඒ අනුව සංචාරක අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය, ජල සම්පාදන අමාත්‍යංශය, විදුලිබල අමාත්‍යංශය, ග්‍රාමීය මාර්ග හා අව‍ශේෂ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය වැනි ඊට අඳාල අමාත්‍යංශ වල සහය ඒ සඳහා ලබාගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේදී සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබේ.දැනටමත් මේ සඳහා ඉල්ලීම් ගණනාවක් ලැබී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ඉල්ලීම් ඒ ඒ අමාත්‍යංශ වෙත යොමු කිරීමටත් අන්තර් අමාත්‍යංශ සම්බන්ධීකරණ කමිටුවක් හරහා මෙම ගැටලු විසඳීමට ඒකාබද්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සදහන් කළේය.මේ අතර සංචාරක කර්මාන්තයේ නිරතවූවන් මුහුණ දෙන ගැටලු සඳහා ද ඒ ඒ අමාත්‍යංශ සම්බන්ධීකරණය කර ඊට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පලාත් පාලන ආයතන මඟින් සංචාරක හෝටල් හා වාසස්ථාන මඟින් අය කරනු ලබන බද්ධ ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පලාත් ආණ්ඩුකාරවරුන් හා පලාත් පාලන ඇමතිවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.පුරාවිද්‍යා,වනජීවී අමාත්‍යංශ සමඟ ද සංචාරක කර්මාන්තයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට නියමිතයි.මීට අමතරව සංචාරක ආකර්ෂණීය වෙරල තීර ආශ්‍රිත ධීවර කර්මාන්තය නිසා පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පලවන මැවැල්ල වෙරල තීරය සම්බන්ධ ගැටලු පිළිබඳව ද සිය අවධානය යොමු වූ බවත් ඒ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන බවත් ඇමතිවරයා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post