News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

ලබන 14 වැනිදා විවෘත නොවන මහනුවර පාසල්

463 Views


ලබන 14 වැනිදා විවෘත නොවන මහනුවර පාසල්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහනුවර නගර සීමාවේ වසා දැමුණු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් 42 එළැඹෙන සඳුදා සිට යළි විවෘත කරන බව අද උදෑසන නිවේදනය කෙරුණා.

ඒ අනුව මහනුවර – ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෛයිමගල් දෙමළ විද්‍යාලය යන පාසල් එදිනට විවෘත නොකරන පාසල් වනවා.

අද මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා කියා සිටියේ අදාළ පාසල් විවෘත කළ හැකි දින ඉදිරියේදී දැනුම් දෙන බවයි.

එමෙන්ම සඳුදා විවෘත කෙරෙන පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 දක්වා ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු එදින සිට ඇරඹෙන බවත් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර  පාසල් ළමුන්ට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි පොදු ප්‍රවාහන සේවා වෙත දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරයත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post