News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

බන්ධනාගාරයේ සිට පැමිණි සැමියා බිරිඳට 13වරක් පිහියෙන් අනියි

2039 Views


බන්ධනාගාරයේ සිට පැමිණි සැමියා බිරිඳට 13වරක් පිහියෙන් අනියි

මඩකලපුව, පුදුකුඩිඉරිප්පුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය බිරිඳට පිහියෙන් ඇණ බරපතල තුවාල සිදුකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර දරුවන් දෙදෙනාට සහ බිරිඳට නඩත්තු නොගෙවීම හේතුවෙන් ඔහුව වසරක් රක්ෂිත බන්ධනාගාරගතකර තැබූ අයෙක් බවයි.

ඉන් නිදහස් වී පැමිණ තිබූ එම පුද්ගලයා සිය බිරිඳට පිහි දෙකකින් 13 වතාවක් ඇණ තුවාල සිදුකර පළා ගොස් තිබුණා.

තුවාල ලැබූ කාන්තාව මඩකලපුව ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පිහි ඇණුම සිදු කළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post