News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

අගමැති බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් බැහැ දකියි (ඡායාරූප)

688 Views


අගමැති බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් බැහැ දකියි (ඡායාරූප)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා.

එහි ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

උන්වහන්සේගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාහිමියන් දැනුවත් කළා.

රටේ ආර්ථික, සමාජයීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳ නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත අනුශාසනා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

Image may contain: one or more people, people sitting and indoor
Image may contain: 1 person, sitting, table and indoorImage may contain: 3 people, people sitting


News Articles
Latest Videos
Most Popular Post