News Line| Off Air
Generic placeholder image

Dec
12

අද සිට දින තුනක් උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව

1143 Views


අද සිට දින තුනක් උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට මෙරට ජනතාවට අවස්ථාව

’’ජෙමිනිඞ්’’ උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව අද සිට දින තුනක් මෙරට ජනතාවට දැකගත හැකි වනවා.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කළේ, පැහැදිලි අහසක් පවතින්නේ නම් මෙම උල්කාපාත වර්ෂාව සුපැහැදිලිව දැක ගැනීමට මෙරට ජනතාවට හැකි වන බවයි.

මේ දිනවල සඳ නොමැති අහසක් ඇති බැවින් එය ද මෙම උල්කාපාත වර්ෂාව පියවි ඇසින් වඩාත් හොඳින් නැරඹීමට පහසුවක් බවයි ජ්‍යෙෂ්ඨ තාරකා පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා පැවසුවේ.

මේ අතර බ‍්‍රහස්පති සහ සෙනසුරු යන ග‍්‍රහලෝක දෙක ඉතා ආසන්නයේ පිහිටන අති දුර්ලභ අවස්ථාවක් එළැඹෙන 21 වැනිදා උදා වනවා.

තාරකා විද්‍යාඥයින් පවසන්නේ මෙවැනි සංසිද්ධියක් සිදු වන්නේ වසර 397කට පසු පළමුවරට බවයි.


News Articles
Latest Videos
Most Popular Post