News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

හුදෙකලාකර තිබූ කොළඹ මහල් නිවාස කිහිපයක් යළි යථා තත්ත්වයට

462 Views


හුදෙකලාකර තිබූ කොළඹ මහල් නිවාස කිහිපයක් යළි යථා තත්ත්වයට

හුදෙකලාකර තිබූ කොළඹ ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රම කිහිපයක් අද උදෑසන 6 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්පාස් මුවදොර උයන, ග්‍රෑන්පාස් සමගිපුර සහ දෙමටගොඩ මිහිඳු සෙන්පුර උයන යන මහල් නිවාස යෝජනා ක්‍රම එලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙනු ඇති.

අදාළ නිවාස සංකීර්ණවල පැවැත්වූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල පදනම්කර ගනිමින් මෙම තීරණය ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post