කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි බව කියන දේශීය ඖෂධයේ ඉදිරි නිෂ්පාදන කටයුතු සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යාංශය සහය දීමට තීරණයකර තිබෙනවා.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ධම්මික බණ්ඩාර මහතාට මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබා දීමට කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ කටයුතු කළා.
පසුගියදා ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධය විශාල පිරිසකට නොමිලයේ බෙදා දුන් අතර ඊයේ දිනයේ ද එය ලබා ගැනීම සඳහා පිරිසක් ඒ මහතාගේ නිවස වෙත පැමිණ සිටියා.
එහෙත් ඖෂධය නිෂ්පාදනයකර නොතිබූ නිසා එම පිරිසට එය ලබා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.
මේ දක්වා අවම පහසුකම් යටතේ නිෂ්පාදනය කළ කොරෝනා ඖෂධයේ ඉදිරි නිෂ්පාදන කටයුතු වැඩි වශයෙන් සිදු කිරීම සඳහා අදාළ ඇඹරුම් යන්ත්‍රය ධම්මික බණ්ඩාර මහතාට කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ලබා දී තිබෙනවා.