News Line| Off Air
Generic placeholder image

Dec
12

අද දිනය තුළ ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගනියි

529 Views


අද දිනය තුළ ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගනියි

අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 755 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්රුවේ ආසාදිතයින් 632 හඳුනාගත් අතර ඔවුන්ගෙන් 551 දෙනෙකු මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

බන්ධනාගාර රැඳවියන් ආශ්‍රිත පොකුරෙන් සෙසු 81 දෙනා හඳුනා ගැනුණා.

එමෙන්ම රාත්‍රිය වනවිට තවත් 123 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව අදාළ පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 28,502ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post