News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
12

15 හැවිරිදි දැරියකට පහර දී වධ හිංසා පැමිණ වූ 6 දෙනෙකු අත්අඩංගුවට

1639 Views


15 හැවිරිදි දැරියකට පහර දී වධ හිංසා පැමිණ වූ 6 දෙනෙකු අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් කාමරයකට දමා පහර දී, ඇගේ කොණ්ඩය කපා වධ හිංසා කළ කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ඇහැළියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දැරිය සමග ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයෙකු ඇයව ඔහුගේ නිවසට රැගෙන ගොස් කාමරයකට දමා දොරගුළු දමා තිබුණා.

පසුව පැමිණි අදාළ තරුණයාගේ මව, සහෝදරිය සහ මිතුරියන් දෙදෙනෙකු එක්ව මෙලෙස එම දැරියට වධ හිංසා පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දැරිය සොයා තරුණයාගේ නිවසට පැමිණි දැරියගේ මවට ද අදාළ පිරිස පහර දී ඇති අතර දැරිය සහ ඇයගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එම දැරිය සමග ඇසුර පැවැත්වූ තරුණයා, ඔහුගේ සහෝදරයා සහ කාන්තාවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුණා.

15 හැවිරිදි දැරිය අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතත්, අනතුරුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙතත් ඉදිරිපත්කර පරිවාස භාරයට පත් කරන ලෙස ඉල්ලීමටයි පොලිසිය කටයුතු කළේ.


News Articles
Latest Videos
Most Popular Post