News Line| Off Air
Generic placeholder image

Dec
12

දේශීයව නිපදවූ තවත් කොරෝනා පැණියක් ගැන අනාවරණයක්

702 Views


දේශීයව නිපදවූ තවත් කොරෝනා පැණියක් ගැන අනාවරණයක්

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් තමන් ද නිපදවා ඇති බව රිටිගල සින්හක්කාර වෙද පරපුරේ දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ යැයි පවසන අයෙක් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියා.

ඔහු පැවසුවේ, වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන බව පැවසෙන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවකට අනුව සහ වසංගත තත්ත්වයන්හිදී භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් ලියවුණ සන්නස්වලට අනුව මෙම පැණිය නිපදවා ඇති බවයි.

ඒ සඳහා බිං කොහොඹ, ත්‍රයිලෝක විජයපත්‍ර සහ තවත් රහස් ඖෂධ වර්ග අඩංගුකර ඇති බවයි ඔහු කියා සිටියේ.

ප්‍රභූ පැලැන්තියේ පවුල්, රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ වෙත සහ නිවෙස්වලට පැමිණෙන පිරිස්වලට මෙම ඖෂධය ලබා දී සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.

ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රථම තමාගේ ඖෂධය නිපදවූ බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post