බලපිටිය අහුන්ගල්ල ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.
පසුව ඔහුගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
අදාළ පුද්ගලයා නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් වශයෙන් නිරෝධායන වූ අයෙක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
ඔහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය, අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදු කෙරුණා.
මේ අතර පානදුර මහවිල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙකු පාපැදියකින් ඇදවැටීමෙන් මියගොස්ජී ඇති අතර ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.
ඒ අනුව එම පුද්ගලයාගේ දේහය ආදාහනය කෙරුණේ, මාලමුල්ල ආදාහනාගාරයේදීයි.