News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
13

පිරිසක් සුවය ලබද්දී තවත් ආසාදිතයින් පිරිසක් හඳුනා ගනියි

541 Views


පිරිසක් සුවය ලබද්දී තවත් ආසාදිතයින් පිරිසක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 489 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 23,793ක් දක්වා ඉහළ ගියා.

සුවය ලැබූවන් සංඛ්‍යාව එසේ ඉහළ යද්දි තවත් නව ආසාදියන් 515 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන්ගෙන් 368 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මින් ‍පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වන අතර සෙසු 147 දෙනා හඳුනා ගැනුණේ බන්ධනාගාර පොකුර ආශ්‍රයෙන්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 32,650 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post