පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
මේ අතර සාමාන්‍ය පෙළ දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස 3 කට අත්හිටුවා තිබේ.ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය සදහන් කළේය.