News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් අනිද්දායින් අවසන්

460 Views


පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් අනිද්දායින් අවසන්

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් කටයුතු එළැඹෙන අඟහරුවාදා අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

එම කොමිසමේ ලේකම්වරයා පැවසුවේ, මේ වනවිටත් කොමිසමේ වාර්තාව සකස් කරමින් පවතින බවයි.

වාර්තාව සකස්කර අවසන් වූ වහාම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, දේශපාලඥයින්, පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සාක්ෂි ගෙන අවසන්.


News Articles
Latest Videos
Most Popular Post