News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

චීනයේ කොරෝනා එන්නත ගැන ශ්‍රී ලංකාව වාර්තාවක් කැඳවයි – අමාත්‍ය සුදර්ශනී, විද්වතුන් කැඳවා සාකච්ඡාවකට සැරසෙයි

455 Views


චීනයේ කොරෝනා එන්නත ගැන ශ්‍රී ලංකාව වාර්තාවක් කැඳවයි – අමාත්‍ය සුදර්ශනී, විද්වතුන් කැඳවා සාකච්ඡාවකට සැරසෙයි

චීනය මගින් නිපදවන කොරෝනා එන්නතේ සාර්ථකත්වය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යාංශය චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම වාර්තාව ඉල්ලා සිටි බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

චීනයේ නිෂ්පාදිත එන්නත සාර්ථක නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් එන්නත ලබා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරනවා.

කෙසේ වෙතත් ලෝකයේ රටවල් රැසක් විවිධ එන්නත් නිෂ්පාදනය කළ ද එම එන්නත්වල සාර්ථකභාවය පිළිබඳ විද්වතුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට තීරණයකර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post