කොරෝනා වෙෙරසය ආසාදනය වී වාලච්චේන, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ භාණ්ඩ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළවයි.
නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ප්‍රතිකාර ලැබූ අදාළ පුද්ගලයින් සිව්දෙනා පසුගිය 12 වැනිදා ඉන් පිටව යෑමට නියමිතව තිබූ බවයි.
එහෙත් ඔවුන් අදාළ මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ කිහිපයක් සොරකම් කළ බවට එහි වෙෙද්‍යවරයා කළ පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට පත් වුණා.
එලෙස අත්අඩංගුවට ගැනුණේ, කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු සහ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරුවන් වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝගකර ඇත්තේ ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.