News Line| Off Air
Generic placeholder image

Dec
14

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ පියාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

454 Views


හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ පියාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාගේ පියා වන, අභාවප්‍රාප්ත ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී අවසන් ගෞරව දැක්වූවා.

කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ උදෑසන අභාවප්‍රාප්ත වුණා.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 80ක්.

මාතර පිහිටි නිවසට ඊයේ පස්වරුවේ දේහය රැගෙන ඒමෙන් අනතුරුව ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි සිටියා.

ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාතරදී සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post