News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
14

කොරෝනා නිසා වැසුණු මහනුවර පාසල් 42ක් අද සිට යළි විවෘතයි

563 Views


කොරෝනා නිසා වැසුණු මහනුවර පාසල් 42ක් අද සිට යළි විවෘතයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු මහනුවර පාසල් 45න් 42ක් අද යළි විවෘත කෙරුණා.

ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලෙෙයිමගල් විද්‍යාලය තවදුරටත් වසා තැබෙන අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ, එම පාසල් විවෘත කිරීමේ දිනය පිළිබද පසුව දැනුම් දෙන බවයි.

අද සිට යළි විවෘත කෙරෙන පාසල් සියලු සෞඛ්‍ය ක්‍රමවේද යටතේ විවෘත කළ බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.

මධ්‍යම පළාතේ කොවිඩ් කමිටුවේ තීරණයකට අනුව විවෘත කෙරුණු එම පාසල්වල අධ්‍යයන කටයුතු ඇරඹෙන්නේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි සදහා පමණයි.

පාසල් දරුවන්ගේ ප්‍රවාහන කටයුතු සදහා ගමනාගමන පහසුකම් ද වැඩි වශයෙන් සළසා ඇති අතර දරුවන් සුරක්ෂිතව පාසල් වෙත ගෙන ඒමේ වැඩි වගකීමක් දෙමව්පියන්ට ද පවතින බව නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post