මීගමුව ප්‍රදේශයේදී පුද්ගලෙයකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.
පහර කෑමට ලක් වූ පුද්ගලයා විසින් පහර දුන් කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිද සමග අනියම් ඇසුරක් පවත්වනු ලැබ ඇති අතර ව්‍යාපාරිකයා අදාළ පුද්ගලයාට එම ඇසුර නවත්වන ලෙස කිහිප වතාවක් පවසා තිබුණා.
එහෙත් දිගින් දිගටම ඇසුර පවත්වාගෙන ගිය එම පුද්ගලයා පිළිබද උරණ වූ ව්‍යාපාරිකයා සිය සගයෙකු සමග අදාළ පුද්ගලයාට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භකර ඇති බව පොලිසිය පැවසුවා.
පහර දීම සිදු කළ ව්‍යාපාරිකයා සහ ඔහුගේ සගයා නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වීමෙන් පසුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා.
එහිදී පහර කෑමට ලක් වූ පුද්ගලයාට වන්දි මුදලක් ගෙවීමට නියම කළ අධිකරණය නියෝග කළේ, සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත මුදා හරින ලෙසයි.