News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

“කොරෝනා” අස්සේ මතුවන “සේනා”

422 Views


“කොරෝනා” අස්සේ මතුවන “සේනා”

මුල්වරට 2018 වසරේ මෙරට වගාබිම් ආශ්‍රිතව පැතිර පැවැති සේනා දළඹු උවදුර යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා වනවා.

ඒ, අනුරාධපුර, පොළොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගාබිම් ආශ්‍රිතවයි.

ආක්‍රමණශීලී පළිබෝධකයෙකු වන සේනා දළඹුවා පිළිබඳ 2016 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් මුල් වරට වාර්තා වූ අතර පසුව එම දළඹු ව්‍යාප්තිය සිදු වුණේ අප්‍රිකානු රටවල් දෙසටයි.

බඩඉරිඟු, උක්, වී, එළවළු, පළතුරු ඇතුලු බෝග වර්ග සියයකට අධික ප්‍රමාණයක පත්‍රවලට හා බීජවලට සේනා දළඹුවා හානි කරන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.

මෙම උවදුර මර්දනයට කෘෂිකර්ම අංශ විවිධ ක්‍රියාමාර්ග ගත්ත ද මේ දිනවල දිවයිනේ විවිධ  ප්‍රදේශවල ගොවීන් සේනා දළඹුවා හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් සිදු වූ හානියට කිසියම් වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post