News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජය තහවුරුයි

396 Views


බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජය තහවුරුයි

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ජයග්‍රහණය කළ බව ඊයේ ලැබුණු ප්‍රතිඵල අනුව තහවුරු වී තිබෙනවා.

එරට මැතිවරණ ක්‍රියාවලියට අනුව ඊයේ රැස් වූ ඡන්ද විද්‍යාල නියෝජිතයින් එක් එක් අපේක්ෂකයින්ට සිය සහය ස්ථිරකර ඇති බවයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජෝ බයිඩ්න්ට ඡන්ද විද්‍යාල 306ක් ලැබී ඇති අතර වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත්තේ ඡන්ද විද්‍යාල 232ක් පමණයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම මේ දක්වා ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට අභියෝග කිරීම සඳහා ඔහුට පැවති එකම අවස්ථාව ද ඊයේ ලැබුණු ප්‍රතිඵලයට අනුව අවසන්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post