News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

501 Views


වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂරය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය සේවාලාභීන්ට පහසු වන ආකරයෙන් සැළසුම් කිරීම අරමුණු කර ගනිමින්‍.

පාළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකම අංක තහඩු වෙනස් කිරීමට සිදුවීමෙන් සේවාලාභීන්ට මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ද ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා සිය යෝජනාවෙන් පෙන්වා දී ඇත්තේ.

මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේදී සෑම ලියාපදිංචි වාහනයකටම අනන්‍ය වූ අංකයක් නිකුත් කරන බැවින් දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය හරහා නිවැරදිව අනන්‍යතාව පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව පවතින බව එහි වැඩිදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post