News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

මෙරට කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළට – ආසාදිත සංඛ්‍යාව 33,478යි

383 Views


මෙරට කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළට – ආසාදිත සංඛ්‍යාව 33,478යි

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 154 දක්වා ඉහළ ගියා.

ඔවුන්ගෙන් අයෙක් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්.

ඇය මියගොස් ඇත්තේ පසුගිය 11 වැනිදා වන අතර කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග අධි රුධිර පීඩනය නිසා ඇති වූ හෘදායබාධයක් ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම මිය ගිය අනෙක් පුද්ගලයා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අයෙක්.

73 හැවිරිදි අදාළ පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉකුත් 13 වැනිදා එම පුද්ගලයා මියගොස් තිබුණා.

මේ අතර ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 685 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 දක්වා ඉහළ ගියා.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් හදුනා ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්තය දැක්වෙන්නේ 29,837ක් ලෙසයි.

මේ අතර රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 9,015ක් වන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 24,309ක් බව සෞඛ්‍ය අංශ පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post