News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

හිජාස් හිස්බුල්ලාගේ නීතීඥයින්ට හෙට ඔහුව හමු වීමට අවස්ථාව

417 Views


හිජාස් හිස්බුල්ලාගේ නීතීඥයින්ට හෙට ඔහුව හමු වීමට අවස්ථාව

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමු වීමට ඔහුගේ නීතීඥයින්ට හෙට අවස්ථාව දිය හැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වන අතර ඒ අනුව ඔහුගේ නීතීඥයින්ට ඔහුව හමුවිය හැක්කේ හෙට පස්වරු 2.30ටයි.

ඒ සදහා අවසර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මෙම දැනුම් දීම සිදු කළා.


News Articles
Latest Videos
Most Popular Post