ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්සයි විස්ස දෙවැනි අවසන් පූර්ව තරගය සදහා ඊයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඒරෙහිව පිටියට පිවිසියේ දඹුල්ල වයිකිං කණ්ඩායමයි.
ඒහිදී දඹුල්ල වයිකිං කණ්ඩායම පැරදූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ, ඊයේ තරගය ලකුණු 37කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ජොන්සන් චාල්ස් පන්දු 56කින් ලකුණු 76යි.
4 පහර 10ක් සහ 6 පහරක් ඊට ඇතුළත් වුණා.
මලින්ද පුෂ්ප කුමාර කඩුලු 2යි.
ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය දඹුල්ල වයිංකිංග් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 128ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග ලකුණු 33ක් රැස් කළා.
පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවා ගත්තා.
ඒ අනුව අනිද්දා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරග කිරීමට නියමිතයි.