බස් ගාස්තු පවා වැඩි කළ පසුබිමක බස් රථ තුල අසුන් ප්‍රමාණයට වඩා මගීන් ගෙන යාම එනම් ධාවනය අවස්ථාවේ දී මගීන් බස් රථ තුල සිටගෙන ගමන් කිරීම නිරෝධායන නීති කඩ කිරීමක් බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් පොලිස්පති වෙත යොමු කරමින් සදහන් කර සිටිනවා.
ඒ අනුව එම නිතිය කඩ කරන පාර්ශව වලට එරෙහිව නිරෝධායන නීති අනුව කටයුතු කල හැකි බවද වැඩි දුරටත් දන්වා සිටිනවා.