කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.