News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
15

මවගේ අවමංගල්‍යයේදී පුතුන් දෙදෙනාත් මියයයි – මරණයට හේතුව මත්පැන් විස වීම බවට සැක

976 Views


මවගේ අවමංගල්‍යයේදී පුතුන් දෙදෙනාත් මියයයි – මරණයට හේතුව මත්පැන් විස වීම බවට සැක

මීරිගම, කීනදෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී මත්පැන් පානය කළ පුද්ගලයින් පිරිසක් අතරින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගතකර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර ඔවුන්ගේ මවගේ අවමංගල්‍ය උත්සවයේදී ඔවුන් තවත් පිරිසක් සමග එක්ව මත්පැන් පානයකර ඇති බවයි.

එහිදී එම පිරිසෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනා මියගොස් තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙන ආ මත්පැන් වර්ගයක් මොවුන් මෙලෙස පානයකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම මත්පැන් විස වී අදාළ පුද්ගලයින් දෙදෙනා මිය යන්නට ඇති බවට සැක කෙරෙන අතර එලෙස මිය ගියේ 47 සහ 54 යන වයස්වල පසු වූ පුද්ගලයින් දෙදෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post