News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

තීරු බදු රහිතව මෙරටට ගෙන් වූ කහ සහ එනසාල් තොග ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ භාරයට

546 Views


තීරු බදු රහිතව මෙරටට ගෙන් වූ කහ සහ එනසාල් තොග ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ භාරයට

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ සහ එනසාල් තොග ප්‍රදේශ කිහිපයකදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා‍.

ඒ හලාවත – කරුකපනේ, මන්නාරම සහ සීලාවතුර යන ප්‍රදේශවලදීයි.

හලාවත, කරුකපනේ ප්‍රදේශයේදී කහ කිලෝග්‍රෑම් 200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේදී ඊයේ තවත් අයෙක් අත්අඩංගුවට ගත්තේ කහ කිලෝග්‍රෑම් 647ක් සමගයි.

මේ අතර ලද තොරතුරකට අනුව තවත් කහ සහ එනසාල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මන්නාරම ප්‍රදේශයේදි සිය භාරයට ගැනීමට යුද හමුදාවට හැකි වුණා.

එම තොගවල වටිනාකම රුපියල් කෝටි 3කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

අදාළ තොග ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් විවිධ ප්‍රදේශවලට බෙදා හැරීමට සැළසුම්කර තිබූ බවට අනාවරණ වුණා.


News Articles
Latest Videos
Most Popular Post