මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැදවියන් 4 දෙනාගේ සිරුරු භූමදානයට ඥාතීන් කළ ඉල්ලීම අධිකරණය අද දහවල් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අධිකරණය විසින් අදාල සිරුරු අද සහ හෙට ආදාහනය කිිිිිිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.