News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
16

තවත් ආසාදිතයින් 326ක් හඳුනා ගනියි

521 Views


තවත් ආසාදිතයින් 326ක් හඳුනා ගනියි

තවත් නව කොරෝනා ආසාදිතයින් 326 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 34,447ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම 8,312 දෙනෙකු තවමත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන අතර 25,652 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post