News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

එල්.පී.එල්. කිරුළ ගාල්ලට ද? යාපනයට ද?

441 Views


එල්.පී.එල්. කිරුළ ගාල්ලට ද? යාපනයට ද?

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය මේ වනවිට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟයෙන් පසුගියදා කලම්බු කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

දෙවැනි අවසන් පූර්ව තරඟයෙන් දඹුල්ල වයිකිං කණ්ඩායම පරාජයට පත් කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව එම කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වුණා.


News Articles
Latest Videos
Most Popular Post