ආගමික පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙමින් මෙවර නත්තල් උත්සවය සැමරීමට පියවර ගන්නා ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ අවධානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගතයුතු බවයි උන්වහන්සේ කියා සිටින්නේ. අද (17) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.