News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

ප්‍රංශ ජනපතිටත් කොරෝනා

500 Views


ප්‍රංශ ජනපතිටත් කොරෝනා

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළා.

ජනාධිපතිවරයාටවෛරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න පිළිබඳ තවමත් පැහැදිලි තොරතුරක් අනාවරණ වී නොමැති බවයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ.

රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බවත් ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං නිරෝධායනයට යොමු වන බවත් දුරස්ථව සිට රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වන බවත් ජනාධිපති කාර්යාලය පැවසුවා.

ප්‍රංශ ජනාධිපතිවරයා ලබන 22 වැනිදා ලෙබනනයේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එම සංචාරය ද ඇතුළු සියලු සංචාර අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

දෙසැම්බර් 10 සහ 11 දෙදින පැවැති යුරෝපා කවුන්සිලයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුවට ද ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහභාගී වී තිබෙනවා.

මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම හේතුවෙන් ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ෂෝ කැස්ටෙක්ස් ද ස්වයං නිරෝධායනයට යොමු වී ඇතැයි ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post