News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

මහනුවර දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කෙරේ

627 Views


මහනුවර දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කෙරේ

රජයේ ප්‍රකාශන කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය අද විවෘත කෙරුණා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී එය සිදු කෙරුණේ, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මහනුවර දිස්ත්‍රික්කය තුළ රජයේ ප්‍රකාශන කාර්යාංශයක් විවෘත කිරීම මගින් එම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය රජයේ අණ පනත් මිල දී ගැනීමට මෙන්ම රජයේ තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථාව ඉතා පුළුල් වන බවයි.

මෙවැනි ප්‍රකාශන කාර්යාංශ ඉදිරි කාලයේදී තවදුරටත් ස්ථාපනය කිරීමට යෝජිත බවත් මෙරට දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරා ගත් මාධ්‍ය පාසල් 25ක් ඉදිරි වසර තුළ ස්ථාපනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Image may contain: one or more people and people standing
Image may contain: one or more peopleImage may contain: 3 peopleImage may contain: 1 person, sitting, on stage and indoorImage may contain: 1 personImage may contain: 1 person, sitting, on stage and indoorImage may contain: 2 peopleImage may contain: 2 people, people standingImage may contain: 1 person


News Articles
Latest Videos
Most Popular Post