රට පුරා පවතින කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ රෙගුලාසි සති අන්තයේත් අකුරටම පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සංචරණය සීමා කිරීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.