දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.
දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.